Latest Movie :
Recent Movies

Race 2

මේ වසරේ තිරගතවීම ආරම්භකළ තවත් සුපිරි හින්දි චිත්‍රපටියක් තමයි රේස් 2 කියල කියන්නේ .මේ සිනමා නිර්මාණයට බොලිවුඩයේ සුපිරි රංගන ශිල්පීන් වන ජෝන් එබ්‍රහිම් ,සායිෆ් අලි ඛාන් ,අනිල් කපූර්,දීපිකා පඩුකෝන්,අමීෂා පටේල් ,බිපාෂා බාසු වගේම ජැකලීන් ෆර්ඩිනෑන්ඩස් යන ය රංගන දාය කත්වය ලබා දෙනවා මේ චිත්රපටිය ගැන වැඩි විස්තර කියන්න දෙයක් නෑ.2008 වසරේ තිරගතවූ රේස් පළමු චිත්‍රපටියේ ඉතිරි කොටසක් තමයි තමයි මේකෙදී ඉස්සරහට යන්නේ .ඒ කියන්නේ තම පෙම්වතියගේ මරණයට වගකිවයුතු පුද්ගලයන්ගෙන් පලිගැනීම සම්පුර්ණ කරගන්න උත්සහ දරන පෙම්වතාගේ කතාව තමයි තියෙන්නේ.ඉතින් ක්‍රියාදාම වලින්පිරුණු මේ කතාව මෙතනින් භාගත කරලම බලන්නකෝ..... 
 

{[['']]}

Martu ki Bijilee ka Mandola – 2013

පසුගිය මාසයේ ඉන්දියාව තුල තිරගතවීම ආරම්භ කල නවතම හාස්‍යජනක චිත්‍රපටිය තමයි මර්ටු කි බිජිලී කා මන්දෝලා.අනුෂ්කා ශර්මා සහ ඉම්රාන් කාන් තමයි ප්‍රධාන චරිත නිරුපනය කරන්නේ.මර්ටු විශ්වවිද්‍යාලයේ උපාධිය සමත්වුනත් රැකියාවක් සොයා ගන්න බැරිවීම නිසා තම උපන් ගමට එන්නේ ගමේ සිටින ධනවත් ව්‍යාපාරිකයෙක් වෙන හැරී මන්දෝලා ළඟ රැකියාවක් සොයාගැනීමේ අරමුණින්.හැරී කියන්නේ කොතරම් ධනවත් උනත් බීමට ඇබ්බැහි වූ අයෙක්.මෙයා තමන්ගේ දුවට වගේම මත්පැන් වලටත් එකවගේ ආදරය කරන කෙනෙක්.හැරීගේ දුව බිජිලී මර්ටු එක්ක සම්බන්ධයක් ගොඩනගා ගන්නවා.නමුත් බිජිලී වැඩිදුර අධ්‍යාපනය සඳහා ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට ඇතුලත් වෙනවා.එතනදී ඇයට ප්‍රබල දේශපාලකයකුගේ පුතෙක් වන බාදල් හමුවෙනවා.ඉතින් මේ මර්ටු,බිජිලී සහ බාලගේ තුන්කොන් ප්‍රේමයට හැරී මන්දෝලා සම්බන්ධ වෙන හැටි තමයි කතාවේ තියෙන්නේ.....
 
{[['']]}

Special 26 - 2013

1987 කාලයේ ඉන්දියාවේ සිදුවුණා ප්‍රධාන පෙලේ මංකොල්ල කෑමක් ආශ්‍ර කරගෙන තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. ආක්ෂේ කුමාර් සහ කාජල් අගාර්වාල් මෙහි ප්‍රධාන චරිත රගපානවා. හතර දෙනෙකුගෙන් යුක්ත කල්ලියක් අපරාධ පරීක්ෂණ අංශයේ නිලධාරින් ලෙස ආදායම් බදු ගෙවීම පැහැර හැරීමක් සම්බන්ධයෙන් කරන වැටලීමක් විදියට තමයි මංකොල්ල කෑම සිදුකරන්නේ. ඉතින් ඇත්තටම නිලධාරින් මේක ගැන දැන ගත්තට පස්සේ මේ කල්ලිය පසුපස යනවා. ඊට පස්සේ වෙන්නේ මොනවද බලන්න කතාව බලන්නම වෙයි. 
 
{[['']]}

Dabangg 2 - 2012

සල්මන් ඛාන්, සොන්කාක්ෂි සින්හා සමහ ප්‍රකාශ් රාජ් ප්‍රධාන චරිත වලට පණ පොවන පසුගිය දෙසැම්බර් මාසයේ තිරගත වීම ආරම්භ කල ඉන්දියාවේ සාර්ථකව තිරගත වුන ඩබන්ග් චිත්‍රපට මාලාවේ දෙවන කොටසයි මේ. චුල්බුල් පාන්ඩේ ට කාන්පුර් වලට මාරුවීමක් එක්කම උසස් වීමක් ලැබෙනවා එහි පොලිස් ස්ථානාධිපති විදියට. ඔහු මේ වෙනකොට සිය බිරිද වන රජ්ජෝ සමග සතුටු විවාහ ජිවිතයක් ගත කරනවා. කාන්පුර් නගරය දිනපතා අපරාධ සිදුවෙන දුෂිත නගරයක් බවට පත් වෙලා. මේ සිද්ධි වලට සම්බන්ධව ඉහලින්ම සිටින්නේ බක්චා බයියා කියන ප්‍රදේශයේ දේශපාලන නායකයෙක් බව චුල්බුල් දැන ගන්නවා. ඉතින් ඔහු සමග හැප්පිලා නගරය ඔහුගෙන් බේරා ගැනීමට චුල්බුල් නැත්නම් සල්මන් ට හැකිවෙයිද කියලා බලන්නකෝ. ඉංග්‍රීසි උපසිරැසි අන්තර්ගතයි.
 
{[['']]}

Son of Sardaar - 2012

පහුගිය අවුරුද්දේ ඉතා සාර්ථකව තිරගත්වුණු හින්දි චිත්‍රපට ගොන්නෙන් එකක් විදියට මෙය හදුන්වන්න පුළුවන්. අජේ දේව්ගන්, සොනක්ෂි සින්හා, සන්ජේ දත්, ජුහි චව්ලා ඇතුළු ජනප්‍රිය නළු නිලියන් පිරිසක් මෙහි රගපනවා. බද්ධ වෛරයෙන් පෙළෙන පවුල් දෙකක් ගැන තමයි කතාව. මේ පවුල් දෙකේම ප්‍රධානින් අතීතයේදී ඔවු නොවුන් මරා ගැනීම තමයි මේකට හේතුව. මේ වෙනකොට අවුරුදු ගාණක් ගතවෙලත් මේ වෛරය එසේම පවතිනවා. ජස්වින්දර් රන්ධවා සහ මේ වෙනකොට ජිවත් වෙන්නේ ලන්ඩන් වල. ඔහුට පන්ජාබ් වලට එන්න සිද්ධ වෙන්නේ ඔහුට අයිති ඉඩම් විකිණීම සම්බන්ධ දෙයකට. ඔවුන්ගේ හතුරු පාර්ශවයේ කෙනා වන බල්වින්ඩර් සින්ග් ඉන්නේ පන්ජාබ් වලමයි. ඒ ජස්වින්දර් එනකන් මග බලාගෙන ඔහුගේ පියා මරපු එකේ පලිය ගන්න. ඔන්න ඔහොම තමයි කතාවේ ආරම්භය. ඉංග්‍රීසි උපසිරැසි අන්තර්ගතයි. 

 
{[['']]}

Cassadaga - 2011

මේ චිත්‍රපටිය නම එතරම් ගොඩක් ජනප්‍රිය වෙච්ච එකක් නෙමෙයි. හුග කාලෙකින් හොද ත්‍රාසජනක චිත්‍රපටියක් ආවේ නැති නිසා තමයි මේක ගැන කියන්න හිතුවේ. චිත්‍රපට විචාරකයන්ට අනුව නම් මේක හොද ත්‍රාසජනක චිත්‍රපටියක්, කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ ලිලි කියන තරුණ ගුරුවරියක් වටා. ඇය බිහිරි කෙනෙක්. ඇයගේ සහෝදරියගේ මරණය හේතුවෙන් ඇය සැහෙන්න කම්පනයට ලක් වෙනවා. මෙයින් මිදිලා අලුත් ජිවිතයක් පටන් ගන්න තමයි ඇය නව නිවසකට පරිසරයකට යන්නේ. කසඩාගා ආධ්‍යාත්මය පදනම වෙච්ච සමාජයක්. ඇය එහි පිහිට පතනවා නව ජීවිතයකට. නමුත් එහිදී සිදුවන්නේ ඇය අපේක්ෂාකළ දෙයට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. මිනිමරුමකට ලක්වූ තරුණියකගේ පළිගැනීමේ චේතනාවෙන් ඉන්න හොල්මනක් සමග ඇයගේ අධ්‍යාත්මික සම්බන්ධයක් ඇති වෙනවා. ඉන්පසුව ඇයට මුහුණ දෙන්න වෙන්නේ මොනවගේ සිද්ධි දාමයකට බලන්න නම් කතාව බලන්න වෙයි. මගේ අදහස අනුව නම් ත්‍රාසජනක චිත්‍රපටි වලට කැමති ඇය මේකට කැමති වෙයි.
 
{[['']]}

Adhinayakudu - 2012

ටික දවසකට පස්සේ අළුත් තෙලිගු චිත්‍රපටයක් ගැන තමයි මේ කියන්න යන්නේ. බොබී මුම්බායි වල ජිවත් වෙන කුලියට මිනි මරණ කෙනක්. ඔහු කුඩා කාලයේදීම තමයි මේකට යොමුවෙන්නේ. ඔහු දැන ගන්නවා ඔහුට පවුලක් ඉන්න බව. ඔහුගේ පියා රාමක්‍රිෂ්නා ප්‍රසාද් රායලසීමා ප්‍රදේශයේ බොහොම ගෞරවයටපාත්‍ර වුනු නායකයෙක්. නමුත් ඔහුගේ පරණ සතුරෙක් නිසා ඔහුගේ ජිවිතයමේ වෙනකොට අනතුරේ තියෙන්නේ. ඔහු නැවත ගම බලා එන්නේ පියාව ආරක්ෂා කිරීමේ අරමුණින්. හැබැයි රාමක්‍රිෂ්නා ප්‍රසාද් ගේ මිය ගිය පියා ඝාතනය කරන්නේ බොබී විසින්. ඒ රාමක්‍රිෂ්නා ප්‍රසාද් ගේ සතුරන් ගේම අණ විදියට. මේ ගැන රාමක්‍රිෂ්නා ප්‍රසාද් සහ රහ්මාන් ඇරෙන්න කව්රුත් දන්නේ නැහැ. ඔන්න ඔහොම තමයි කතාවේ ආරම්භය.
 
{[['']]}

Dum maaro Dum 2011

පසුගිය වසරක තිරගතවූ තවත් ලස්සනම ලස්සන ක්‍රියාදාම චිත්‍රපටියක් තමයි මේ පාර සිංහල උපසිරැසි සමගින් ලබා දෙන්නේ .අභිෂේක් භච්චන් ,බිපාෂා බාසු ඇතුළු නළු නිලියන් රැසක් මෙම චිත්‍රපටිය වෙනුවෙන් රංගන දායකත්වය ලබා දෙනවා.ගොආ නගරය ප්‍රධාන කරගෙන යන මත්ද්‍රව්‍ය ජාවාරමක් මැඩ පවත්වන්න තම මුළු ජීවිතයම කැප කරන පොලිස් නිලධාරියෙක්, තම පිටරට සිටින පෙම්වතිය බැලීමට මත්කුඩු තොගයක් රැගෙන පිටරට යාමටගොස් පොලීසියට අසුවෙන තරුණයෙක්, තම පෙම්වතිය මත්කුඩු වලට ඇබ්බැහිවීමනිසා අයව අහිමි වූ පෙම්වතෙක්.මේ අතර මේ සියළුම දේවල් වලට මුල් වෙන කිසිදිනක කවුරුත් නොදුටු පුද්ගලනාමයක්.මේ සියල්ල එකට එකතුවී ඇතිවන මේ කතාවේ අවසානය කුමක් වේවිද ? 



 



{[['']]}

Inescapable (2012)



   
     අඩීබ් කියන්නේ තම පවුලත් එක්ක කැනඩාවේ සාමකාමීව ජීවත් වෙන පුද්ගලයෙක්. ඔහු රැකියාව කරන්නේ බැංකුවකයි . ඔහුට දියණියන් දෙ‍දෙනෙක් ඉන්නවා. එයින් එක් දියණියක් වන මුනා වෘත්තියෙන් ඡායාරූප ශිල්පිණියක්.. පැවරුමක් සම්පූර්ණ කරන්න හිතාගෙන ග්‍රීසියට යන මුනා හදිසියේම කාටවත් නොකියා සිරියාවේ ඩැමස්කස් වලට යනවා. එහෙම යන්නේ ඇගේ පියා කවදාවත් ඔවුන්ට කියලා නොතිබුන ඔහු‍ගෙ අතීතය ගැන ඇත්ත හොයා ගන්නයි. එහේදි මුනා එකපාරටම අතුරුදහන් වෙනවා.. ග්‍රීසියේ ඉඳලා ඇය ඒමට නියමිතව තිබුනු ගුවන් යානයේ ඇය නොපැමිණි බව ඇගේ පෙම්වතා අඩීබ්ට දැනුම් දෙනවා. මේක දැනගත්ත ගමන්ම අඩීබ් කරන්නේ තම දියණිය හොයාගෙන සිරියාවට යන එකයි… සිරියාව කියන්නේ අඩීබ්ට නුහුරු රටක් නෙවෙයි. අඩීබ් කලින් ජීවත් වෙලා තියෙන්නේ සිරියාවේ ඩැමස්කස් නුවරයි. ඒ වගේම ඔහුට සිරියාවේ ෆාතිමා නමින් පෙම්වතියකුත් ඉඳලා තියෙනවා. ඇයගේ උපකාරය මත තමයි අඩීබ් සිරියාවට ඇතුළු වෙන්නේ.. ඉතින් අඩීබ් සිරියාවට ගිහින් ෆාතිමාවත් මුණගැහිලා ඇයත් එක්ක කෙලින්ම යන්නේ මුනා නැවතිලා හිටිය හෝටල් කාමරයටයි. ඒ කාමරයේ මුනාගෙ කැමරාව ඇරෙන්න අනිත් හැම දේම තියෙනවා. ඒ වගේම ඒ රටේ හොයාගන්න අමාරු විදිහේ විස්කි බෝතලේකුත් අඩීබ්ට හමුවෙනවා..ඉතින් යාළුවනේ.. කතාව ගැන වැඩිය කියන්න යන්නෙ නැහැ.. අඩීබ්ට මොනවද සිරියාවත් එක්ක තියෙන සම්බන්ධතා? ඇයි අඩීබ් සිරියාව අතඇරලා කැනඩාවට යන්නේ? මුනා කොහොමද එකපාරටම අතුරුදහන් වෙන්නේ? අඩීබ් තම දියණිය හොයා ගන්න මොන වගේ දේවල්ද කරන්නේ? අඩීබ්ට කවුද උදව් කරන්නේ? සිරියාවේ අඩීබ්ට හතුරෝ ඉන්නවද? එහෙම ඉන්නවනම් ඔවුන්ගෙනුත් බේරිලා මුනාව පණපිටින් හොයා ගන්න පුළුවන් වේවිද?         


                                                                                                       Official Trailer 

                                                 

                                                              
{[['']]}

The Raid Redemption (2011)

               


මේ‍කෙ ප්‍ර‍ධා‍න ‍ච‍රි‍තෙ ‍ත‍මා ‍රා‍මා ‍කි‍යන්‍‍නේ.. ‍මේ ‍රා‍මා‍ය‍න‍යේ ‍ඉන්‍‍න ‍රා‍මා ‍එ‍හෙ‍ම ‍නෙ‍වෙ‍යි ‍ඔන්‍‍න.. ‍මෙ‍යා ‍මේ‍කෙ ‍හැ‍ටි‍ය‍ට ‍පො‍ලී‍සි‍යේ ‍වැ‍ඩ ‍ක‍ර‍න ‍එක්‍‍කෙ‍නෙක්‍ .. ‍මෙ‍යා‍ල‍ගෙ ‍කට්‍‍ටි‍ය ‍ගො‍ඩාක්‍ ‍ලො‍කු ‍මෙ‍හෙ‍යු‍ම‍ක‍ට ‍යන්‍‍නේ. ‍‍කා‍ට‍වත්‍ ‍අල්‍‍ලන්‍‍න‍ බැ‍රි ‍මත්‍‍කු‍ඩු ‍ජා‍ව‍රම්‍ ‍කා‍ර‍යෙක්‍ ‍අල්‍‍ල‍න ‍එ‍ක ‍ත‍මා ‍මෙ‍යා‍ල‍ගෙ ‍රා‍ජ‍කා‍රි‍ය‍ වෙන්‍‍නේ. ‍ඒත්‍ ‍මෙ‍යා ‍යන්‍‍නේ ‍ත‍වත්‍ ‍ලො‍කු ‍බ‍ලා‍පො‍රොත්‍‍තු‍වක්‍ ‍හි‍තේ ‍ති‍යා‍ගෙ‍න, ‍ඒ ‍ත‍මා ‍ඒ ‍අ‍යත්‍ ‍එක්‍‍ක ‍වැ‍ඩ ‍ක‍ර‍න ‍‍ත‍මුන්‍ ‍ගේ ‍ස‍හෝ‍ද‍ර‍ය‍ව ‍ආ‍ප‍සු ‍ත‍මුන්‍ ‍ගේ ‍ගෙ‍ද‍ර‍ට ‍එක්‍‍ක‍ග‍න ‍එ‍න ‍එ‍ක. ‍කා‍ට‍වත්‍ ‍අල්‍‍ලන්‍‍න ‍බැ‍රි ‍මේ ‍මත්‍‍කු‍ඩු ‍ජා‍වා‍රම්‍‍කා‍ර‍යා ‍මේ ‍අ‍ය‍ට ‍අල්‍‍ලන්‍‍න ‍පු‍ළු‍වන්‍ ‍වෙ‍යි‍ද..??? ‍රා‍මා‍ට ත‍මුන්‍ ‍ගේ ‍ස‍හෝ‍ද‍ර‍ය‍ව ‍ආ‍ප‍හු ‍ගෙ‍ද‍ර ‍එක්‍‍ක‍ගෙ‍න ‍යන්‍‍න ‍පු‍ළු‍වන්‍ ‍වෙ‍යි‍ද..??
             

                                                                                                    Official Trailer




                                   
{[['']]}

Kill ‘em All (2013)




විවිධ රටවල් කිහිපයක ඉන්න සුපිරිම කුලී ඝාතයකන් 8 දෙනෙක්ව එක්තරා කණ්ඩායමක් විසින් විවිධ ක්‍රම වලට පැහැරගනු ලබනවා.. එම කණ්ඩායම හඳුන්වන්නේ “ෂාරාන් රහස් කණ්ඩාම ලෙසයි”. ඔවුන්ගේ කණ්ඩායම සාමාජිකයන් සිය ගණනකින් පරිපූර්ණ කණ්ඩායමක්. ඒ අතරේ නින්ජාවරුන් පිරිසකුත් ඉන්නවා.මේ අට දෙනාව පැහැරගෙන ඇවිත් දාන්නේ එකම කාමරයකටයි.. මේ කාමරය අර කණ්ඩාම් නායකයා නම් කරන්නේ ඝාතන කුටිය ලෙසයි. එහිදී මේ කුලී ඝාතකයන් දෙදෙනා බැගින් තෝරගෙන සටන් කරවනවා. එයින් දිනන කෙනාට ආයුධයකට හිමිකම් කියන්න පුළුවන්.. එසේ තෝරාගනු ලබන්නේ එක් එක් අයුරින් අංක ලබා දීමක් මගින්.. එසේ සටන් කිරීම ප්‍රතික්ෂේප කරන අය විෂ වායුවක් මගින් සිහි නැති කර මරා දමනු ලබනවා.. නමුත් මේ අටදෙනාගෙන් අවසානයට කෙනෙක් ඉතිරි උනොත් ඔහුව හෝ ඇයව නිදහස් කරන බවත් මේ රහස් කණ්ඩායමේ නායකයා පවසනවා.. ඉතින් අවසානෙට තුන් දෙනෙක් ඉතිරි වෙනවා.. එයින් එක්කෙනෙක් ගෑනු ලමයෙක්..මේ තුන් දෙනා අතර අපේ ගේබ්‍රියෙලුත් ඉන්නවා. මේ තුන්දෙනා මේ ඝාතන කුටියෙන් පැනගන්න දරන උත්සාහය මත තමයි කතාවෙ ඉතිරි ටික ගලාගෙන යන්නේ..
මේ තුන්දෙනාටම මේ ඝාතන කුටියෙන් පැනගන්න ලැබේවිද? ෂාරාන් රහස් කණ්ඩාමේ නායකයා කවුද? ඇයි ඔවුන් මේ කුලී ඝාතකයන්ව පැහැරගන්නේ? සිය ගණනක හමුදාවකට සහ නින්ජාවරුන් පිරිසකට කොහොමද මේ කුලී ඝාතකයන් මුහුණ දෙන්නේ? අවසානයේදී කවුරුහරි ඉතුරු වේවිද? එහෙම ඉතුරුවෙන කෙනාට අර කිව්වා වගේ නිදහස් වෙලා යන්න දේවිද?

                                 
                                                                                                                         Official Trailer






                      
{[['']]}

My Mighty Princess (2008)



කන්ග් සෝ-හුයි (Kang So-Hui), සටන් කලා ප්‍රගුණ කරපු ලස්සන ගැහැණු ළමයෙක්. එයා නව යොවුන් වියේ කෙල්ලෙක් වුනත් එයාට එයාගේ ජීවිත ගමන අනික් ළමයින්ගේ වගේ වෙන්නේ නැහැ. ඇගේ අසාමාන්‍ය හැකියාවන් හා සටන් කලා හැකියාවන් අනිත් අයව පුදුමයට මෙන්ම බියට පත් කරවනවා. ඒ නිසාම ඇය සටන් කලාවට සමු දෙන්න තීරණය කරනවා. සටන් කලා කරුවෙක් වන ඇගේ පියා උරුමයෙන් ආපු සටන් කලාව අභාවයට යයි සිතා බිය වෙනවා. මේ අතරේ ඇගේ පැරණි යාළුවෙක් වන ඉල්-යෙඔන්ග් (Il-Yeong) ඇයව නැවත සටන් කලාවන්ට පොළඹවා ගන්න උත්සාහ කරනවා. මේ අතරේම නපුරු හෙයුක්-බොන්ග් (Heuk-Bong) සටන් කලාවන් යටත් කර ගැනීමට උත්සාහ දරනවා ඔහු විසින් සොරාගත් පූජනීය බලගතු අසිපතක් වන “හරිත දෛවය” භාවිතා කරලා. ඔහු එය කරන්න හදන්නේ සියලුම සටන් කලා ප්‍රවීනයින්ව මරා දමලා. ඔහුට අභියෝග කරමින් සටනට යන සෝ-හුයි ගේ පියාට දරුණු තුවාල සිදුවෙනවා.ඉල්-යෙඔන්ග් ත් නපුරු මායාවන්ට ගොදුරු වෙනවා. තම දෙමාපියන් වෙනුවෙන් පලිගන්න සෝ-හුයි අසිපත සියතට ගන්නවා. ඇයට නපුර පරදවන්නට හැකිවේවිද? ඉල්-යෙඔන්ග් ට නපුරෙන් මිදෙන්න හැකිවේවිද?
                      

                                                                                              Official Trailer


                                   
                                     
{[['']]}

Chinese Zodiac (2012)

         

          කතාවේ හැටියට ජැකී චෑන් හෙවත් ජේසී කියන්නෙ කෞතුක භාණ්ඩ හොරකම් කරලා සල්ලි වලට විකුණන කෙනෙක්. එක්තරා සමාගමකින් මෙයාලට ලොකු කොන්ත්‍රාත්තුවක් ලැබෙනවා පුරාණ චීන මාලිගාවකින් කොල්ලකාගෙන ගිය චීන රාශි චක්‍රයට අයත් ලෝකඩ හිස් දොලහක් ඒවා තියෙන තැන් වලින් හොරකම් කරන්න. ඒ හිස් දොලහ තියෙන්නේ ලෝකයේ විවිධ තැන් වල. මේ අභියෝගයට මුහුන දෙන්න ජැකී චෑන්ගේ සහයට සුපිරි කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම සුපිරි තාක්ෂණික උපකරණ හා අවශ්‍ය සියළුම සම්පත් තියෙනවා. හැබැයි ඉතිං මේ හිස් දොලහම හොයා ගන්න එක එච්චර ලේසි වැඩක්නම් නෙවෙයි. ඒවා තියෙන තැන් හොයාගත්තත් හොරකම් කරන එකනම් කොහෙත්ම ලේසි පාසු වැඩක් නෙවෙයි.
ඉතිං යාළුවනේ.. ජේසී කොහොමද මේ හිස් දොලහ හොයා ගන්නේ? ඒ හොයාගන්න හිස් කොහොමද ජේසී හොරකම් කරන්නේ? ඒ වෙනුවෙන් ජේසීට ලැබෙන්නෙ මොනවද? ජේසී කරන වැරැද්ද ජේසීට තේරේවිද? ජේසීට හැම පැත්තෙන්ම බේරිලා මේ හොරකම් මාලාව දිගටම කරගෙන යන්න පුළුවන් වේවිද? ජේසී අන්තිමේදි මේ හොරකම් කිරීම නවත්තාවිද කියලා චිත්‍රපටිය බලලම දැනගන්න..         



                                                                                                         Official Trailer 

                                                 

                                                         
{[['']]}

The Silence of the Lambs (1991)



 අමුතු තෙමාවක් යටතේ යන ලස්සන කතාවක් 1991 තිරඟත වු මේම චිත්‍රපටය දර්ශකයේ 8.7 වැනි ඉහල අගයක ඇති විශිෂ්ට ගනයේ නිර්මාණයක්. ඒ විතරක් නෙවෙයි, ඔස්කාර 5 ක් ගහපු ලෝකේ හොඳම ෆිල්ම් වලින් 24 වෙනි තැන තියෙනවා. මම නම් හිතන්නේ මේ ටික කියපුවාම ඉතිං අයේ මේක ගැන වර්ණා කරන්න ඔන නැනේ.
Crime, Drama, Thriller ගණයට වැටෙන මේ සින් එක මෙහෙමයි වෙන්නේ. අපරාධකාරයෙක් ඉන්නවා. මිනිහ එකම ආකරයක ගොදුරු ඩැහැගන්නවා. මේ සැම අපරාධයකම සමානකම් තියනවා. ඒකෙන් කියනවා මේ අපරාධකාරයා එක්කෙනෙක් හෝ කණ්ඩායමක් වෙන්න ඕන කියලා. ඉතින් මෙයාව හඳුන්වන්න නමකුත් දානවා. වෙන උන් වගේ නෙවෙයි මු. මිනි මරන්නේ ආතල් එකක් ගන්න. අපි කාටත් එක එකආතල් තියනවා. සමාජ ක්‍රමයට පටහැනි අතල් තියනකොට අපි කියනවා ඌට පිස්සු කියලා. අනේ මම දන්නේ නෑ, මම නම් එහෙම කියන්නේ නෑ. එවත් ඔන. ඉතිං මේ යකා මිනිවල හම ගලවනවා. ඇයි කියලා අහන්න එපා එක ඔයාලා බලන්න ඔන. තරුණ ලස්සන FBI නිලධාරිනියක්ට තමා මේ මහා කෙස් එක වැටෙන්නේ. විද්‍යානුකුල පසුබිමක් ඇති මේ සිද්ධිය පසු පස යැමට මැයට උදව් කරන්නේ පිස්සෙක්. කියන මෙලෝ දෙයක් තෙරෙන්නේ නෑ. එත් මේයා උත්සහය අත අරින්නේ නෑ. අන්තිම්ට මේ පිස්සා මෙයාට උදව් කරනවද? එක ඔයාලා බලන්න.   



                                                                                                  Official Trailer


                                 
                                 
{[['']]}

The Marine 3




          ඔන්න ගේනවා උණු උණුවෙන් අලුත්ම ෆිල්ම් එකක්....නම දැක්කම දන්නවනේ..මේකේ ඉන්නේ රෙස්ලින් වල ඉන්න පොරක්.... ද මිස්....සුපිරි ෆිල්ම් එකක්.....එහෙනම් බලල කොමෙන්ට් එකක් දාලා යන්න.... 

                                                               Official Trailer


                                   


                                
                                     
{[['']]}

Cockneys Vs Zombies 2012





                          ආයේ ඉතින් කියන්න දෙයක් නැහැනේ...සුපිරි ෆිල්ම් එක..........නම දැක්කම දන්නවනේ......එහෙනම් අරගෙනම බලන්නකෝ.බය වෙලා මට කියන්න එන්න එපා... :D....බලලා කොමෙන්ට් එකක් දාලා යන්න හොදේ..... 



                                                                                   Official Trailer    

                                                 
                                                 

                                                                                         
{[['']]}

Darkest Hour 3D



             

මෙන්න තවත් ලස්සන ෆිල්ම් එකක්...මේ ෆිල්ම් එක ඉවර වෙනකම්ම බලන්න හිතෙන පට්ටම එකක්...කතාව කෙටියෙන්ම කියන්නම්... පෘතුවියේ විදුලි බලය බවිත කරලා පෘතුවියට එන ඇසට නොපෙනෙන පිට සක්වල ජීවින් හා මිනිසුන් 5 දෙනෙක්ගෙන් යුත් කණ්ඩයක් වටා ගෙතුණු කතාවක්.ඔයාලත් බලලා comment එකක් දාලම යන්න....  


                                            Official Trailer     

                                                               

                                                             
{[['']]}

Hirokin The Last Samuria 2011



         කොහොමද යහලුවනේ... ඔන්න මන් ෆිල්ම් එකක් ගේනවා.... මේකේ සයිස් එක 1.43 GB වෙනවා...මේකත් ලස්සන ෆිල්ම් එකක්.... කියුවම වැඩක නැහැනේ ෆිල්ම් එකේ....එක නිසා බලලා කොමෙන්ට් එකක් දාල යන්න...      

                                              Official Trailer  
                       
                                          


                                              
{[['']]}

Battleship (2012)




මේකත් සුපිරි ෆිල්ම් එකක්...හැමෝම වගේ මේක බලලා ඇති......බලලා නැති අය බලන්න....දැක්කනේ රිහානා කියන ගායිකාවත් මේකේ රගපානවා...
බලලා කොමෙන්ට් එකක් දාල යන්න.....

                            
                                 Official Trailer




                          
                                              
{[['']]}

This Is 40 - 2012



2007 දී සාර්ථකව තිරගතවුණු නොක්ඩ් අප් (Knocked Up) චිත්‍රපටයේම චරිත දෙකක් ආශ්‍රය කරගෙන තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. හැබැයි නොක්ඩ් අප් චිත්‍රපටයේ කතාවට නම් මේකේ සම්බන්ධයක් නැහැ. 2007 චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙකක් වන ඩේබි සහ පිට් ගැන තමයි කතාව. ඩේබි ගේ 40 වෙනි උපන්දිනය දවසේ සිදුවීමකින් තමයි කතාව පටන් ගන්නේ. වයස 40 පහුවිම ගැන ඩේබි නම් හිත හොදින් නෙමෙයි ඉන්නේ. කතාව ගැන නම් ලොකු දෙයක් කියන්න නැහැ. කලින් කතාවෙන් අවුරුදු 5 ක් ගිය තැනින් නේ කතාව පටන් ගන්නේ. ඉතින් මේ වෙනකොට ඩේබි කුඩා වෙළද ව්‍යාපාරයක හිමි කාරියක්. පිට් ට ඔහුටම කියල රෙකොර්ඩ් ලේබල් එකක් තියනවා. ඉතින් ඔවුනේ දරුවන් දෙදෙනාත් එක්ක ගෙවෙන මේ දෙන්නගේ වර්තමාන කතාව තමයි මේ.

                                             Official Trailer:


 


 
{[['']]}

Journey 2 the mysterious island

       
                         

      නම දැක්කම දන්නවනේ....මේක ඇවිල්ලා ගොඩක් කල...ඒත් මන් නිකමට් දෙනවා...මේකේ රෙස්ලින් වල හොද පොරක් ඉන්නේ...... ද රොක්.....අයෙ ඉතින් අහන්න දෙයක් නැහැනේ...... මේක මන් බලපු ලස්සනම ෆිල්ම් එකක්....ඔයාලත් බලන්න.........
                    

                                        Official Trailer:-




                                                                                                         
                                      
{[['']]}

Mars Needs Moms-2011

 
ඔයාලට දෙන්න යන මේ 3D චිත්‍රපටිය අපි බලලා තියෙන 3D චිත්‍රපටිවලින් හොදම එකක් කිව්වට වරදක් නැ.මොකද මේක ඩිස්නි පික්චර්ස් නිෂ්පාදනයක්,මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ රොබට් සෙමෙකිස්,ඒ කියන්නේ පෝලා එක්ස්ප්‍රස් හදපු අධ්‍යක්ෂකවරයා. ඉතින් චිත්‍රපටිය ගැන ආයේ කියන්න දෙයක් නැනේ.චිත්‍රපටියේ කතව ගැනත් ටිකක් ඔයාලට කිව්වොත්,මේකේ කතාව යන්නේ මයිලෝ කියන කටකාර,දගකාර හැබැයි නුවණක්කාර පොඩි කොලු පැන්චෙක් වටා.එක දවසක් රෑ එයාගේ අම්මාව අගහරු ජීවින් පිරිසක් විසින් පැහැරගෙන යනවා.ඉතින් මේ මයිලෝ කියන පොඩි කොල්ලා එයාගේ අම්මාව බේරගන්න අගහරු ලෝකයට යන කතාවක් තමයි මේකේ තියෙන්නේ.ඔයාලට ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැනේ අපි ඔක්කොමලම අපේ අම්මට ආදරෙයිනෙ.ඒ වගේ තමා මේ මයිලොත් කොහොම හරි බලන්නේ තමන්ගේ අම්මාව බේරගන්න.ඔයාලත් මේ චිත්‍රපටිය බැලුවොත් මයිලෝ ගේ හපන්කම් බලාගන්න පුළුවන්.මේකේ එක අතකට සංවේදී කතාවක් කියලා කිව්වට වරදක්මත් නෑ.
                                             Official Trailer
 
 
{[['']]}

Secret of the Wings - 2012

 
ඔන්න මේ කතාව බලන්න නම් ලොකූ පොඩි භේදයක් නැ. ඉතින් සිංහල උපසිරසිත් එක්කම ඔයාලට මේ කතාව අරගෙන ඇවිත් තියනවා. ජනප්‍රිය ඩිස්නේ චරිතයක් වන ටින්කර් බෙල් කියන සුරංගනාවිය ගැන තමයි මේ කතාව. මිට කලින් ටින්කර් බෙල් ගැන කාටුන් චිත්‍රපට කිහිපයක්ම නිකුත් වෙලා තියනවා. ඉතින් එයා මේ පාර එයාගෙම සහෝදරියව හොයාගන්න හැටි තමයි මේ කතාවේ තියෙන්නේ. කවුරුත් එපා කිව්වට එයා පුංචි පියාපතකුත් තුවාල කරගෙන තමයි නවතින්නේ. එයා එයාගෙම සහෝදරිය හොයාගන්න හැටි ඔයාලත් බලන්න. 
 


 
{[['']]}

Looper – 2012

පසුගිය සැප්තැම්බර් මාසයේ තිරගතවීම ඇරඹු සුපරි ක්‍රියාදාම චිත්රපටියක් තමයි ලුපර් .අනාගතයයි ,අතීතයයි යාකරන මේ චිත්රපටියේ සුපිරි ක්‍රියාදාම නළු බ්රුස් විල්ස් තමයි ඉන්නේ .වර්ෂ 2074 වෙනකොට මිනිසා කාලය හරහා ගමන්කිරීමට ක්‍රමයක් සොයා ගන්නවා.නමුත් මෙම ක්‍රමය බාවිතා කිරීම තහනම් කරලයි තියෙන්නේ.නමුත් පාතාල කල්ලි විසින් ඔවුන්ගේ සතුරන් මරාදැමීම සඳහා මෙම ක්‍රමය යොදාගන්නවා.ඒ කියන්නේ මරාදැමීමට අවශ්‍ය කරන පුද්ගලයාව වසර 30 ක් කාලය හරහා අතීතයට යවනවා.යවලා වසර 30ක් අතීයෙ ඉන්න ජෝයි කියන පුද්ගලයාට එම කොන්ත්‍රාත්තුව බාර දෙනවා.මෙය අනාගතයේ ඉන්න පාතාල සාමාජිකයන්ට ලොකු ප්‍රශ්නයක් වෙනවා.මොකද ඔවුන්ගේ සාමාජිකයන් එන්න එන්නම විනාශ වෙන නිසා .මේ ක්‍රමය නැවැත්වීම සඳහා උපක්‍රමයක් ලෙස ජෝයි කියන පුද්ගලයාගේ අනාගතයේ ඉන්න පුද්ගලයාව සොයාගෙන ඔහුව අතීතයට යවනවා.
Official Trailer










{[['']]}

කොහොමද මගේ බ්ලොග් එක?

Powered by Blogger.
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Life Of Films - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger