Latest Movie :
Home » , , » Inescapable (2012)

Inescapable (2012)

{[['']]}


   
     අඩීබ් කියන්නේ තම පවුලත් එක්ක කැනඩාවේ සාමකාමීව ජීවත් වෙන පුද්ගලයෙක්. ඔහු රැකියාව කරන්නේ බැංකුවකයි . ඔහුට දියණියන් දෙ‍දෙනෙක් ඉන්නවා. එයින් එක් දියණියක් වන මුනා වෘත්තියෙන් ඡායාරූප ශිල්පිණියක්.. පැවරුමක් සම්පූර්ණ කරන්න හිතාගෙන ග්‍රීසියට යන මුනා හදිසියේම කාටවත් නොකියා සිරියාවේ ඩැමස්කස් වලට යනවා. එහෙම යන්නේ ඇගේ පියා කවදාවත් ඔවුන්ට කියලා නොතිබුන ඔහු‍ගෙ අතීතය ගැන ඇත්ත හොයා ගන්නයි. එහේදි මුනා එකපාරටම අතුරුදහන් වෙනවා.. ග්‍රීසියේ ඉඳලා ඇය ඒමට නියමිතව තිබුනු ගුවන් යානයේ ඇය නොපැමිණි බව ඇගේ පෙම්වතා අඩීබ්ට දැනුම් දෙනවා. මේක දැනගත්ත ගමන්ම අඩීබ් කරන්නේ තම දියණිය හොයාගෙන සිරියාවට යන එකයි… සිරියාව කියන්නේ අඩීබ්ට නුහුරු රටක් නෙවෙයි. අඩීබ් කලින් ජීවත් වෙලා තියෙන්නේ සිරියාවේ ඩැමස්කස් නුවරයි. ඒ වගේම ඔහුට සිරියාවේ ෆාතිමා නමින් පෙම්වතියකුත් ඉඳලා තියෙනවා. ඇයගේ උපකාරය මත තමයි අඩීබ් සිරියාවට ඇතුළු වෙන්නේ.. ඉතින් අඩීබ් සිරියාවට ගිහින් ෆාතිමාවත් මුණගැහිලා ඇයත් එක්ක කෙලින්ම යන්නේ මුනා නැවතිලා හිටිය හෝටල් කාමරයටයි. ඒ කාමරයේ මුනාගෙ කැමරාව ඇරෙන්න අනිත් හැම දේම තියෙනවා. ඒ වගේම ඒ රටේ හොයාගන්න අමාරු විදිහේ විස්කි බෝතලේකුත් අඩීබ්ට හමුවෙනවා..ඉතින් යාළුවනේ.. කතාව ගැන වැඩිය කියන්න යන්නෙ නැහැ.. අඩීබ්ට මොනවද සිරියාවත් එක්ක තියෙන සම්බන්ධතා? ඇයි අඩීබ් සිරියාව අතඇරලා කැනඩාවට යන්නේ? මුනා කොහොමද එකපාරටම අතුරුදහන් වෙන්නේ? අඩීබ් තම දියණිය හොයා ගන්න මොන වගේ දේවල්ද කරන්නේ? අඩීබ්ට කවුද උදව් කරන්නේ? සිරියාවේ අඩීබ්ට හතුරෝ ඉන්නවද? එහෙම ඉන්නවනම් ඔවුන්ගෙනුත් බේරිලා මුනාව පණපිටින් හොයා ගන්න පුළුවන් වේවිද?         


                                                                                                       Official Trailer 

                                                 

                                                              
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Life Of Films - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger