Latest Movie :
Home » , , , » My Mighty Princess (2008)

My Mighty Princess (2008)

{[['']]}


කන්ග් සෝ-හුයි (Kang So-Hui), සටන් කලා ප්‍රගුණ කරපු ලස්සන ගැහැණු ළමයෙක්. එයා නව යොවුන් වියේ කෙල්ලෙක් වුනත් එයාට එයාගේ ජීවිත ගමන අනික් ළමයින්ගේ වගේ වෙන්නේ නැහැ. ඇගේ අසාමාන්‍ය හැකියාවන් හා සටන් කලා හැකියාවන් අනිත් අයව පුදුමයට මෙන්ම බියට පත් කරවනවා. ඒ නිසාම ඇය සටන් කලාවට සමු දෙන්න තීරණය කරනවා. සටන් කලා කරුවෙක් වන ඇගේ පියා උරුමයෙන් ආපු සටන් කලාව අභාවයට යයි සිතා බිය වෙනවා. මේ අතරේ ඇගේ පැරණි යාළුවෙක් වන ඉල්-යෙඔන්ග් (Il-Yeong) ඇයව නැවත සටන් කලාවන්ට පොළඹවා ගන්න උත්සාහ කරනවා. මේ අතරේම නපුරු හෙයුක්-බොන්ග් (Heuk-Bong) සටන් කලාවන් යටත් කර ගැනීමට උත්සාහ දරනවා ඔහු විසින් සොරාගත් පූජනීය බලගතු අසිපතක් වන “හරිත දෛවය” භාවිතා කරලා. ඔහු එය කරන්න හදන්නේ සියලුම සටන් කලා ප්‍රවීනයින්ව මරා දමලා. ඔහුට අභියෝග කරමින් සටනට යන සෝ-හුයි ගේ පියාට දරුණු තුවාල සිදුවෙනවා.ඉල්-යෙඔන්ග් ත් නපුරු මායාවන්ට ගොදුරු වෙනවා. තම දෙමාපියන් වෙනුවෙන් පලිගන්න සෝ-හුයි අසිපත සියතට ගන්නවා. ඇයට නපුර පරදවන්නට හැකිවේවිද? ඉල්-යෙඔන්ග් ට නපුරෙන් මිදෙන්න හැකිවේවිද?
                      

                                                                                              Official Trailer


                                   
                                     
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Life Of Films - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger