Latest Movie :
Home » , , » Chinese Zodiac (2012)

Chinese Zodiac (2012)

{[['']]}
         

          කතාවේ හැටියට ජැකී චෑන් හෙවත් ජේසී කියන්නෙ කෞතුක භාණ්ඩ හොරකම් කරලා සල්ලි වලට විකුණන කෙනෙක්. එක්තරා සමාගමකින් මෙයාලට ලොකු කොන්ත්‍රාත්තුවක් ලැබෙනවා පුරාණ චීන මාලිගාවකින් කොල්ලකාගෙන ගිය චීන රාශි චක්‍රයට අයත් ලෝකඩ හිස් දොලහක් ඒවා තියෙන තැන් වලින් හොරකම් කරන්න. ඒ හිස් දොලහ තියෙන්නේ ලෝකයේ විවිධ තැන් වල. මේ අභියෝගයට මුහුන දෙන්න ජැකී චෑන්ගේ සහයට සුපිරි කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම සුපිරි තාක්ෂණික උපකරණ හා අවශ්‍ය සියළුම සම්පත් තියෙනවා. හැබැයි ඉතිං මේ හිස් දොලහම හොයා ගන්න එක එච්චර ලේසි වැඩක්නම් නෙවෙයි. ඒවා තියෙන තැන් හොයාගත්තත් හොරකම් කරන එකනම් කොහෙත්ම ලේසි පාසු වැඩක් නෙවෙයි.
ඉතිං යාළුවනේ.. ජේසී කොහොමද මේ හිස් දොලහ හොයා ගන්නේ? ඒ හොයාගන්න හිස් කොහොමද ජේසී හොරකම් කරන්නේ? ඒ වෙනුවෙන් ජේසීට ලැබෙන්නෙ මොනවද? ජේසී කරන වැරැද්ද ජේසීට තේරේවිද? ජේසීට හැම පැත්තෙන්ම බේරිලා මේ හොරකම් මාලාව දිගටම කරගෙන යන්න පුළුවන් වේවිද? ජේසී අන්තිමේදි මේ හොරකම් කිරීම නවත්තාවිද කියලා චිත්‍රපටිය බලලම දැනගන්න..         



                                                                                                         Official Trailer 

                                                 

                                                         
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Life Of Films - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger